මල්වාන ඉඩම සහ නිවස අන්තරේ වටලයි; ජනතා අයිතියට පවරන්නැයි ඉල්ලීමක්
මල්වාන ඉඩම සහ නිවස අන්තරේ වටලයි; ජනතා අයිතියට පවරන්නැයි ඉල්ලීමක්
පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩු දුන් මල්වානේ නිවස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් විසින් අත්පත් කරගෙන තිබේ.
විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව නිසා සිසුන් විවිධ ආකාරයේ පීඩාවන්ට මුහුණ දෙමින් සිටියි.
මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස පසුගිය කාලය මුළුල්ලේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියත් මේ වනතුරු ඒ සඳහා පිළිතුරු ලැබී නොමැත.
එම තත්වය මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය සති කිහිපයේ ශිෂ්‍ය උද්ඝෝෂණ, ජනතා දැනුවත් කිරීම්, විරෝධතා පෝස්ටර් ව්‍යාපාර හා බලධාරීන් සමග සාකච්ඡා සිදු කළ අතර එහි තවත් එක් තීරණාත්මක පියවරක් ලෙස ඊයේ (14) මෙම පියවර ගෙන ඇත.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී “ජනතාවගෙන් සොරකම් කළ දේපළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව” නැවත මතක් කරමින්, හිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට වූ මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදු ජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා විරෝධතා ක්‍රියාමාර්ගයක්ද ආරම්භ කෙරිණ.
ඒ අනුව මෙම ඉඩම සහ නිවස අත්පත් කරගෙන ඇති බව වාර්තාවේ.




