2025 වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක්

0
2025 වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක්

2025 වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක්

පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකිවී ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේ ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණ පුද්ගලයින් 34 දෙනෙක්ද ඒ අතර වන බවයි.

මෙම රෝගය විශේෂයෙන්ම හම්බන්තොට, ගාල්ල, මාතර, කලුතර, ගම්පහ, කොළඹ කුරුණෑගල ප්‍රධාන දිස්ත්‍රික්ක 7ක මේ රෝගය වැඩි වශයෙන් පවතින බව වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පවසයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා,

“2025 අවුරුද්දේ ලංකාවෙන් රෝගීන් විතරක් 34ක්. ඊට අමතරව ඉන්දියාවේ ඉදන් ශ්‍රමිකයින් හැටියට කණ්ඩායම් එනවා. ඒ්ගොල්ලෝ කාලාන්තරයක් ලංකාවේ රැදෙනවා. ඉන්දියාවෙන් එහෙම රැකියාවට එහෙම ආපු අය පරීක්ෂා කරද්දී එහෙම ශ්‍රමිකයින්ගේ 34ක් හඳුනාගන්නවා. ඔක්කොම ගිය අවුරුද්දේ රෝගීන් 68ක් ලංකාවේ හඳුනාගන්නවා. 34ක් ලංකාවේ ඉන්න අයගෙන් 34ක් ඉන්දියාවෙන් පැමිණි වැඩකරන්න කැමති කණ්ඩායම්. අපේ ඉල්ලීම තමයි මේ රෝගය අයින් කරන්න ලංකාවෙන් ඉලක්කයකට යනවා 2030දී. විශේෂයෙන්ම බරවා ලංකාවෙන් එක් රෝගියෙක්වත් හමු නොවන ගානට අයින්කර ගන්න සැලසුම් කරලා තියෙනවා. දැනට රෝගය හොද පාලන මට්ටමක තියාගෙන යනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com