ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
ත්‍රිකුණාමල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩ තහනම් කරයි
ත්‍රිකුණාමලය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් පවත්වන ලද මූලික විමර්ශනයකට අනුව, එහි සේවය කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.පසුගිය අප්‍රේල් 09 වනදා දරු ප්‍රසූතියක් අතරතුර බිළිඳෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පහත කරුණු අනාවරණය වී ඇත:
– රෝහල් සූතිකාගාරයේ සිට අවස්ථා හයකදී (06) දුරකථනයෙන් දැනුම් දී තිබුණද, අදාළ වෛද්‍යවරුන් දෙදෙනා සූතිකාගාරයට පැමිණ නොමැති බව.
– රාජකාරි වේලාව තුළ රෝහල් සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම ඇතුළු විෂමාචාර ක්‍රියා රැසක නිරත වීම.
මෙම සේවය අත්හිටුවීමට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් ඊයේ දින (11) වැඩ වර්ජනයක් සිදුකරන බවට රාවයක් පැතිර ගියද, එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබඳ තමන් දැනුවත් කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සදමාලි සමරකෝන් මහත්මිය පැවසුවාය.




