කොටස් වෙළෙඳපොළ යළිත් වරක් ඒකක 23,000 සීමාව පසුකරයි

0
කොටස් වෙළෙඳපොළ යළිත් වරක් ඒකක 23,000 සීමාව පසුකරයි

කොටස් වෙළෙඳපොළ යළිත් වරක් ඒකක 23,000 සීමාව පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,000 සීමාව යළිත් වරක් පසුකර යාමට ඉකුත් සිකුරාදා (08) දිනයේ දී සමත්විය.

මැදපෙරදිග අර්බුදය ආරම්භ වීමෙන් පසු 2026 මාර්තු 03වන දින ඒකක 1,290කින් සියලු කොටස් කොටස් මිල දර්ශකයේ කඩා වැටීමත් සමග සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,000 මට්ටමින් මෙපිටට පැමිණි අතර ඉන් අනතුරුව එම සීමාව අතික්‍රමණය කළ පළමු අවස්ථාව මෙය වේ.

ඊයේ (09)දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 66.12ක ඉහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 23,063.98ක් ලෙසින් සටහන් වුණි. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 26.98කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,319.24ක් ලෙසින් දැක්වුණි.

රු. බිලියන 4.09ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com