රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට
රාජාංගනේ හිමි අත්අඩංගුවට
රාජාංගනේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
රාජාංගනේ සද්ධාරතන හිමියන්ව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේ කටයුතු යොදා තිබුණි.




