ට්‍රම්ප්ගේ තීරුබදු නීති විරෝධීයි – අමෙරිකා වෙළෙඳ අධිකරණය
අමෙරිකානු ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා තිබූ සියයට 10ක තාවකාලික ගෝලීය තීරුබදු සම්බන්ධයෙන් අමෙරිකානු ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය වැදගත් තීන්දුවක් ලබාදී තිබේ.
1970 දශකයේ වෙළෙඳ නීතියක් යටතේ මෙම බදු සාධාරණීකරණය කළ නොහැකි බව අධිකරණය තීරණය කර ඇති අතර ඒ අනුව පෞද්ගලික ආනයනකරුවන් දෙදෙනෙකු සහ වොෂින්ටන් ප්‍රාන්තය සඳහා එම බදු අත්හිටුවීමට නියෝග කර ඇත.
කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරිපත් කළ හැකි අභියාචනා විභාග වන තෙක් අනෙකුත් ආනයනකරුවන් සඳහා මෙම තීරුබදු ක්‍රියාත්මක වන බවද 2-1ක බහුතර තීන්දුවෙන් සඳහන් වේ.
අදාළ බදු මෙම වසරේ ජූලි මාසයේදී අවසන් වීමට නියමිත අතර 1974 වෙළෙඳ පනතේ 122 වැනි වගන්තිය යටතේ එම බදු පැනවීම නීතිවිරෝධී බව අධිකරණය තීරණය කර තිබේ.
මෙම තීන්දුව ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු ප්‍රතිපත්තියට එල්ල වූ ප්‍රධාන පසුබෑමක් ලෙස සැලකෙන අතර එයෂී ජින්පින් සමඟ පැවැත්වීමට නියමිත වෙළෙඳ සාකච්ඡාට පෙර ලැබීමද විශේෂත්වයකි.






