2025 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

0
2025 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

2025 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත, 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා භාරගැනීම අද (08) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, 2026 මැයි 08 සිට මැයි 29 දක්වා අභියාචනා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද බව අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම අදාළ මාර්ගගත පද්ධතිය ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ පහසුකමද සලසා තිබේ.

අදාළ කාලසීමාව තුළ පමණක් අභියාචනා භාරගන්නා බැවින්, සුදුසුකම්ලාභී සිසුන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් නියමිත කාලය තුළ අයදුම්පත් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com