ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

0
ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

ඩෙංගු අධි අවදානම් කලාපවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

ඩෙංගු අධි අවදානම් කලාපවල ඊයේ (06) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 43ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති බවයි.

දිස්ත්‍රික්ක 6ක ඩෙංගු රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවද ඇය පෙන්වා දෙයි.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26,071ක්.

ඩෙංගු මරණ සංඛ්‍යාව 13ක්ද වාර්තා වි ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේය.

වෛද්‍ය ප්‍රශීලා සමරවීර ජනතාවට දැනුම් දෙන්නේ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්විය හැකි බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com