ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා රුසියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අනුමැතිය

0
ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා රුසියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අනුමැතිය

ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා රුසියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය අතර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කර ඇත.

මෙරට දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සඳහා දෙරටේ නීතිරීතිවලට එකඟව සමතාවයකින් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇති වන පරිදි ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මඟින් අපේක්ෂා කරනු ලබයි.

මෙරට දුම්රිය පද්ධතියේ යටිතල පහසුකම් ඉදිකිරීම, නවීකරණය, විද්‍යුත්කරණය, ඩිජිටල්කරණය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා වන සැපයුම් දාමය යන ක්ෂේත්‍රයන් සඳහා වන සහයෝගිතාව ඇති කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම ඉවහල් වනු ඇත.

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com