කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක්

0
කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක්

කැලණිය විශ්වවිද්‍යාලය සඳහා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක්

කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලීන් වසර 02ක් ඇතුළත ඩිජිටල්කරණය කිරීම සඳහා සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම ව්‍යාපෘතිය යටතේ විශ්ව විද්‍යාලයේ පද්ධති සහ මෙහෙයුම් නවීකරණය කිරීමෙන් සේවා සැපයීම වැඩිදියුණු කිරීම, පුළුල් පරාසයක සිසුන් ආකර්ශනය කරගැනීම සහ මූල්‍ය තිරසර භාවය සුරක්ෂිත කරගැනීම ආදී ප්‍රතිලාභ අත්කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනූව රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය 2026 – 2027 වර්ෂයන් තුළ රුපියල් මිලියන 476ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com