හජ් වන්දනාව වෙනුවෙන් පළමු නඩය මක්කමට
හජ් වන්දනාව වෙනුවෙන් පළමු නඩය මක්කමට
2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින් 325 දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය සිකුරාදා දින (01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
එම අවස්ථාව සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි මහතා සහ ශ්‍රී ලංකා හජ් කමිටුවේ උසස් නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියා.
මෙම ප්‍රථම වන්දනා ගමන සදහා සෞදියා ගුවන් සේවය විශේෂ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එස්.වී.- 839 දරන එම ගුවන් යානය සිකුරාදා (01) දින රාත්‍රී 09.05ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව ගොස් තිබුණා.
2026 වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අතරින් 3,500 දෙනෙකු තෝරා ගෙන ඇති අතර, ඔවුන් මෙම සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවා යානා මගින්ද සෞදි අරාබියේ මක්කම වෙත රැගෙන යාමට නියමිතයි.




