මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 4,750කට එරෙහිව නඩු

0
මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 4,750කට එරෙහිව නඩු

මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් 4,750කට එරෙහිව නඩු

මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදන රියැදුරන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතැයි පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, ගතවූ මාස 4 ඇතුළත මත්ද්‍රව්‍ය භාවිත කර, රිය ධාවනය සම්බන්ධයෙන් අත්අඩගුවට ගත් රියැදුරන් 4750කට එරෙහිව නඩු පවරා ඇති බවයි.

එය පෙර වසරවලට සාපේක්ෂව විශාල වැඩිවීමක් බවද ඔහු සඳහන් කළේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාරය යොදා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදන රියැදුරන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com