දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

0
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා, එනම් හෙට දින (04) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබෙනවා.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.

දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත්කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

මේ අතර ඊයේ පැවති පොහෝ දිනය වෙනුවෙන්ද දිවයින පුරා දන්සැල් 382ක් පැවති බවට තොරතුරු ලැබුණු බවත් චමිල් මුතුකුඩ මහතා පැවසුවා.

එම දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුව තිබූ බවද සඳහන් කළා.

මෙම වර්ෂයේ මැයි මාසය තුළ පසළොස්වක පොහෝ දින දෙකක් යෙදී ඇති අතර, ඉන් ඉකුත් සිකුරාදා (01) දිනය වෙසක් පොහෝ දිනය ලෙස නම් කර තිබුණා.

එහෙත් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අනුශාසනා හා කරුණු දැක්වීම් මත සාකච්ඡාමය එකඟතාවකින් පසු වෙසක් පොහෝ දිනය ලෙස මැයි 30වැනිදා යෙදෙන පොහොය දිනය නම් කිරීමට රජය පියවර ගනු ලැබුවා.

ඒ හේතුවෙන් ඉකුත් සිකුරාදා (01) දිනය අධි වෙසක් පොහෝ දිනය ලෙසින් සැලකුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com