ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 05ක් ඉදිරියට

0
ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 05ක් ඉදිරියට

ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 05ක් ඉදිරියට

ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 05ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් නිකුත් කළ වාර්තාවකට අනුව 2026 ගෝලීය මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතරින් 134වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබෙනවා.

2025 වසරේදී 139වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසු වූ අතර වසරක කාලයක් ඇතුළත ස්ථාන 05ක් ඉදිරියට පැමිණීමටයි ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ.

රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් නිකුත් කළ වාර්තාවට අනුව ඉතිහාසයේ පළමු වතාවට ලෝකයේ රටවල්වලින් අඩකටත් වඩා මේ වන විට මාධ්‍ය නිදහස දුෂ්කර හෝ ඉතා බරපතල කාණ්ඩවලට වැටී තිබෙනවා.

වසර 25ක් තුළ දර්ශකයේ සමීක්ෂණය කරන ලද සියලු රටවල්හි සාමාන්‍ය ලකුණු කිසිදා මෙතරම් අඩු මට්ටමකට පත්ව නොමැති බවයි එම සංවිධානය පවසන්නේ.

ඉන්දියාවෙ මෙම දර්ශකයේ 157වන ස්ථානයේ පසු වනවා.

අඛණ්ඩව 10වන වරටත් දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන්නේ නෝර්වේ රාජ්‍යයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com