‘මීනගයා’ දුම්රියේ පානීය ජල බෝතල් වැඩි මිලට විකුණා ලක්ෂයක දඩ කයි
‘මීනගයා’ දුම්රියේ පානීය ජල බෝතල් වැඩි මිලට විකුණා ලක්ෂයක දඩ කයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මඩකලපුව බලා ධාවනය වන ‘මීනගයා’ දුම්රියේ ආපණ ශාලාවේදී, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙන්දෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් සඳුදා (27) රුපියල් 100,000ක (ලක්ෂයක) දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරියෙකු සාමාන්‍ය පාරිභෝගිකයෙකු ලෙස ගොස් අදාළ ජල බෝතලය මිලදී ගනිමින් මෙම වැටලීම සිදු කර පසුව නීතිමය පියවර ගෙන ඇත. මි.ලී. 1000 (ලීටර් 1) ජල බෝතලයක් සඳහා නියමිත උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වේ. නමුත් මෙම වෙළෙන්දා එම ජල බෝතලයක් රුපියල් 160කට අලෙවි කරමින් පාරිභෝගිකයන්ගෙන් අසාධාරණ ලෙස රු. 60ක වැඩි මුදලක් අය කරගෙන ඇත.





