හැකර් ප්‍රහාරයක් වි නොමැති බවට උසාවියෙදි අනාවරණය වේ

0
හැකර් ප්‍රහාරයක් වෙලා නැහැ කියලා උසාවියෙදි අනාවරණය වේ

හැකර් ප්‍රහාරයක් වෙලා නැහැ කියලා උසාවියෙදි අනාවරණය වේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස බැහැර කිරීමේ ගනුදෙනුවේදී, ශ්‍රී ලංකාව භාවිතා කරන ඊමේල් පද්ධතියට අදාළ සර්වර් පරීක්ෂා කිරීමේදී බාහිර පාර්ශවයක ප්‍රවේශයක් (Hacker) මෙතෙක් අනාවරණය වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) අධිකරණයට දැනුම් දුන්නා.

මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස යම් පාර්ශවයකට බැහැර වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනයේදී අදාළ වංචනික බැහැර කිරීම් සම්බන්ධයෙන් භාවිතා කරන ලද විද්‍යුත් තැපැල් ලිපිනය සමග සෘජුවම ගනුදෙනු කළ නිලධාරීන් පස් දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දි තිබේ.

එම නිලධාරීන් පස්දෙනාගෙන් බැංකු ගිණුම් සම්බන්ධයෙන්ද විස්තර ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමටද කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද අවසර ලබා දුන්නා.

අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී බී වාර්තාවකින් කරුණු දැක්වීමක් සිදු කළා.

පහුගිය 2026.03.24 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබූ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා අධිකරණය ඉදිරියේදී කරුණු තහවුරු කළා.

ඒ සමගම මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් මහ බැංකුවේ රාජ්‍ය සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දුන් ණය මුදලට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වාරික ගෙවීමක් සිදුකිරීමේදි මෙම වංචනික මුදල් බැහැර කිරීම් සිදුවී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ඉන්ටර්පෝල් ආයතනය සමග එක්ව විමර්ශන ආරම්භ කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

මීට අමතරව මේ සම්බන්ධයෙන් විශ්ලේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නියෝජිතයෙක්, රජයේ රස පරීක්ෂකවරයාගේ නියෝජිතවරයෙක් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨයේ පීඨාධිපතිවරයා සහ ඔහුගේ නියෝජිතයෙක් හරහා කමිටුවක් පත් කර විශ්ලේෂණ කටයුතු සිදුකිරීමට අවසර ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේදී ඉල්ලීමක් සිදු කළා.

එම ඉල්ලීමටද අධිකරණය ඊයේ (28) අවසර ලබා දෙන ලදි.

විමර්ශන සඳහා මාසයක කාලයක් ලබා දුන් අධිකරණය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා ලබන ජූනි 03 වෙනිදා දක්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියෝග කලේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com