දිට්වා හේතුවෙන් ආපදාවට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමට අනුමැතිය

0
දිට්වා හේතුවෙන් ආපදාවට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමට අනුමැතිය

දිට්වා හේතුවෙන් ආපදාවට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමට අනුමැතිය

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවන්ට ලක්ව ඇති සියලු ආගමික ස්ථාන යළි ඉදිකර හෝ අලුත්වැඩියා කර, ආගමික ස්ථානයන්හි කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සහනයක් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආගමික කටයුතු දෙපාර්තමේන්තු විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.

එලෙස ආපදාවට ලක්ව ඇති ආගමික මධ්‍යස්ථාන නැවත ගොඩනැගීම සඳහා පහත සඳහන් පරිදි සහන සැලසීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව,

1. පූර්ණ වශයෙන් විනාශයට පත් වුවද, නැවත එම ස්ථානයේම ගොඩනැංවීමට සුදුසු පූජනීය ස්ථාන වෙනුවෙන් ආවාස ගෘහය, ධර්ම ශාලාව, ප්‍රධාන කෝවිල, පල්ලිය, සනීපාරක්ෂක පහසුකම්, ජලය හා විදුලිය සඳහා ප්‍රමුඛත්වය ලබා දී එකී ඉදිකිරීම් කටයුතු සඳහා උපරිම රුපියල් මිලියන 7.5 දක්වා ලබා දීම.

2. අර්ධ වශයෙන් විනාශයට පත් වූ පූජනීය ස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමට උපරිම රුපියල් මිලියන 5 දක්වා ලබා දීම.

3. සුළු වශයෙන් හානි වූ පූජනීය ස්ථාන යළි ප්‍රතිසංස්කරණය කර දීම.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com