ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

0
ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව පරීක්ෂනයක් ඉල්ලා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර අදාළ පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම හේතුවෙන් රජයට දැවැන්ත මුදලක පාඩුවක් සිදුව ඇති බවයි.

ඒ අනුව මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ ලිපිගොනු පරීක්ෂා කර දැවැන්ත අලාභයක් මෙන්ම වංචාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කර එයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.

අදාළ පැමිණිල්ල පහතින්:

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com