රු. ලක්ෂ 65ක විදෙස් දුම්වැටි සමග තරුණයෙකු කටුනායකදී අත්අඩංගුවට

0
මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවකු STF අත්අඩංගුවට

මහා පරිමාණ ගංජා ජාවාරම්කරුවකු STF අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ක් වන ගාල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

ඔහු ඊයේ(26) අලුයම 03.30ට අබුඩාබි නුවර සිට, ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. – 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ තිබී විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 40,000ක් අඩංගු දුම්වැටි කාටූන් 200ක් සහ විද්‍යුත් දුම්වැටි 32ක් සොයා ගෙන ඇත.

මෙම ගුවන් මගියා සහ ඔහු විසින් මෙරටට රැගෙන ආ දුම්වැටි සියල්ල වැඩිදුර විමර්ශන සඳහා ඊයේ (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com