ඊශ්‍රායල හා ලෙබනන අතර සටන් විරාමය තවත් සති 3කින් දීර්ඝ කෙරේ

0
ඊශ්‍රායල හා ලෙබනන අතර සටන් විරාමය තවත් සති 3කින් දීර්ඝ කෙරේ

ඊශ්‍රායල හා ලෙබනන අතර සටන් විරාමය තවත් සති 3කින් දීර්ඝ කෙරේ

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

එහිදී විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ධවල මන්දිරය තුළ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.

ඉකුත් බ්‍රහස්පතින්දා (23) එක්සත් ජනපදය තුළ, ඊශ්‍රායල සහ ලෙබනන තානාපතිවරුන් අතර පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්හ.

පසුගිය සිකුරාදා ආරම්භ වූ දින 10ක මූලික සටන් විරාමය ලබන සඳුදා අවසන් වීමට නියමිතව තිබූ අතර, මෙම නව එකඟතාවයත් සමඟ එය තවදුරටත් ඉදිරියට යාමට හැකිව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com