පොලිස් නිළධාරියෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම

0
පොලිස් නිළධාරියෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම

පොලිස් නිළධාරියෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම

බද්දේගම ප්‍රදේශයේදී වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ විත්තිකරුවෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඒ වසර 18ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.

2008 වසරේ සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් බළපිටිය මහාධිකරණය විසින් ඉකුත් බදාදා (22) මෙම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

2008 වසරේ දිනකදී බද්දේගම පොලිසියට අනුයුක්තව සේවය කළ දිලිප් කුමාරසිංහ (15615) සහ පොලිස් සැරයන් ජගත් නන්දන (50472) යන නිලධාරීන් දෙදෙනා වැටලීමකට ගොස් තිබෙන අතර එහිදී බළපිටිය රන්දොඹේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ නමැත්තාට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දේගම පොලීසිය විසින් බළපිටිය මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර මරණ දඬුවම් ලැබූ විත්තිකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

සෙසු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට බළපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියෝගය කර ඇති බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com