අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉවත් වෙයි

0
අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉවත් වෙයි

අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉවත් වෙයි

එක්සත් ජනපද නාවික ලේකම් ජෝන් ෆෙලන් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වන බව පෙන්ටගනය ඉකුත් බදාදා (22) නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ ඉවත්වීම “වහාම ක්‍රියාත්මක වනු ඇත” යනුවෙන් පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව නාවික හමුදා උප ලේකම් හං කාඕ මෙම තනතුරේ වැඩබලන පදනමක් මත සේවය කරනු ඇති බව සඳහන්

මෑත මාසවලදී ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ නවතම ඉහළ පෙළේ හමුදා නායකයා ලෙස ෆෙලන් ද හඳුනාගත හැකියි.

ඔහුගේ ඉවත් වීම සම්බන්ඳව නාවික හමුදාව මෙතෙක් හේතුවක් සපයා නැති අතර,

එක්සත් ජනපද මාධ්‍යවල තහවුරු නොකළ වාර්තාවලට අනුව නැව් තැනීම සම්බන්ධ ගැටළු සම්බන්ධයෙන් ඇමරිකානු නායකත්වය තුළ ආතතියෙන් පසුව ඔහුගේ ඉවත්වීම සිදු වී ඇති බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com