2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 10 වැනිදා සිට

0
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 10 වැනිදා සිට

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 10 වැනිදා සිට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය විස්සයි-20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ හයවැනි අදියර 2026 ජූලි 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (22) නිවේදනය කළේය.

මෙවර තරගාවලිය කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ හතර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමූහ ව්‍යාපාරය එක්ව සංවිධාන කරන මෙම තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස සමන්ත දොඩන්වෙල මහතා කටයුතු කරනු ලබයි.

තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු 2026 මැයි 4 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කිරීමට නියමිතය.

2020 වසරේ ආරම්භ වූ LPL තරගාවලිය මේ වන විට ජාත්‍යන්තර අවධානය දිනාගත් ශක්තිමත් දේශීය ක්‍රිකට් සන්නාමයක් බවට පත්ව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com