ඉරා­න යුද්ධ­යෙන් ලෝක වෙළෙ­ඳ­පො­ළට බොර­තෙල් බැරල් මිලි­යන 500ක් අහිමි වේ

0
ඉරා­න යුද්ධ­යෙන් ලෝක වෙළෙ­ඳ­පො­ළට බොර­තෙල් බැරල් මිලි­යන 500ක් අහිමි

ඉරා­න යුද්ධ­යෙන් ලෝක වෙළෙ­ඳ­පො­ළට බොර­තෙල් බැරල් මිලි­යන 500ක් අහිමි

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ඒකා­බ­ද්ධව ඉරා­න­යට එරෙ­හිව යුද්ධය ආරම්භ කිරී­මෙන් පසු මේ දක්වා ලෝක වෙළෙ­ඳ­පො­ළට අහිමි වූ බොර­තෙල් ප්‍රමා­ණය බැරල් මිලි­යන 500කට අධික බව ලෝක ප්‍රකට කේප්ලර් වෙළෙඳ බුද්ධි තොර­තුරු සමා­ගමේ දත්ත සංඛ්‍යා­ලේ­ඛන මඟින් තහ­වුරු වී ඇතැයි රොයි­ටර් පුවත් සේවය වාර්තා කළේය. එහි වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 50කට අධික බවද වාර්තා වේ.

යුද්ධයේ පළමු දින 50 ඇතු­ළත ගෝලීය වශ­යෙන් ගුවන් සේවා සමා­ගම් සඳහා වන ඉන්ධන සැල­කිය යුතු ආකා­ර­යෙන් සීමා වී ඇතැ­යිද කේප්ලර් වෙළෙඳ බුද්ධි තොර­තුරු සමා­ගමේ දත්ත­ව­ලින් පෙන්නුම් කරන බව රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මෑත ඉති­හා­සයේ විශා­ල­තම බල­ශක්ති අර්බු­දය මෙය බවත්, ලෝක බොර­තෙල් වෙළෙ­ඳ­පොළ නැවත යථා තත්ත්ව­යට පැමි­ණී­මට වස­ර­කට ආසන්න කාල­යක් ගත­වනු ඇති බවත් ලෝක බල­ශක්ති විශ්ලේ­ෂ­ක­යන් අනා­වැකි පළ කර තිබේ.

මාර්තු මාස­යේදී පම­ණක් ගල්ෆ් කලා­පයේ රට­ව­ලට දින­කට බොර­තෙල් නිෂ්පා­ද­නය බැරල් මිලි­යන 8කින් පහත වැටී ඇති අතර, සවුදි අරා­බියේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ලොව විශා­ල­තම බොර­තෙල් සමා­ගම් දෙකක් ඇතු­ළුව කුවේට්, බහ­රේන් සහ ඕමා­න­යෙන් අප­න­ය­නය කරන ජෙට් ඉන්ධන ප්‍රමා­ණය පෙබ­ර­වාරි මාස­යේදී බැරල් මිලි­යන 19.6ක් වූ බවත්, එය මාර්තු සහ අප්‍රේල් මාසය වන විට බැරල් මිලි­යන 4.1 දක්වා පහත වැටී ඇති බවත් කේප්ලර් දත්ත­ව­ලින් පෙන්වා දී තිබේ.

කුවේට් සහ ඉරා­කයේ බරින් වැඩි බොර­තෙල් නිධි නැවත සාමාන්‍ය මෙහෙ­යුම් මට්ටම දක්වා පැමි­ණි­මට මාස 4ක් හෝ 5ක් ගත­වනු ඇති බවත්, කටාර් රාජ්‍යයේ රස් ලෆාන් ගෑස් නිධි­යට හානි සිදු­වීම හේතු­වෙන් කලා­පීය බල­ශක්ති සැප­යුම් ජාලය සම්පූ­ර්ණ­යෙන්ම යථා තත්ත්ව­යට පත් කිරී­මට වසර ගණ­නා­වක් ගත­වනු ඇති බවත් කේප­ලර් දත්ත වාර්තා­වෙන් වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com