වෙසක් සතිය ගැන විශේෂ නිවේදනයක්

0
වෙසක් සතිය ගැන විශේෂ නිවේදනයක්

වෙසක් සතිය ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී බුද්ධ වර්ෂ 2570වන වෙසක් පුණ්‍ය මහෝත්සවය නිමිත්තෙන් 2026 මැයි මස 27වන දින සිට ජූනි මස 02 දක්වා කාලය වෙසක් සතිය ලෙස රජය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව නිවේදනයෙහි සඳහන්.

2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 27වන දින මාතර, තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙනවා.

මෙදිනට සමගාමීව දිවයිනේ සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වෙසක් සමාරම්භක වැඩසටහන් සහ පින්කම් සංවිධානය කිරීමට උපදෙස් දී තිබෙනවා.

වෙසක් සතිය තුළ ජනතාවගේ අධ්‍යාත්මික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් දිනපතා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වන බව එහි සඳහන්

ඒ අනුව මැයි 28 වන දින නොමිලේ වෛද්‍ය සායන, ලේ දන්දීමේ කඳවුරු, අක්ෂි සායන සහ අවයව දන්දීම සඳහා ලියාපදිංචි කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

මැයි 29 පාසල් සහ දහම් පාසල් දරුවන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ උපදේශන සැසි සහ වැඩිහිටි නිවාස/රෝහල් ආශ්‍රිත ශ්‍රමදාන කටයුතු ක්‍රියාත්මක වනවා.

මැයි 30වන දින සියලු විහාරස්ථානවල සීල භාවනා පින්කම් පැවැත්වෙන අතර, එදින සංගීත සංදර්ශන හෝ සැණකෙළි පවත්වන දිනයක් බවට පත් නොකර සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දිය යුතු බව නිවේදනයෙහි සඳහන්.

මැයි 31 පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ධාරිතා පුහුණු වැඩසටහන් සහ අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

ජූනි 01 විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ධර්ම දේශනා, සාකච්ඡා සහ භාවනා වැඩසටහන් පවත්වමින් ජනතාව දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇති.

ජූනි 02 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව රුක් රෝපණ වැඩසටහන්, ඔසු උයන් පිහිටුවීම සහ පොදු ස්ථාන පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා.

වෙසක් සතිය නිමිත්තෙන් සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ විහාරස්ථාන ඉදිරිපිට නියමිත පිරිවිතරයන්ට අනුව අඩි 8×4 ප්‍රමාණයෙන්, ලා කහ පසුබිමේ මෙරූන් පැහැති අකුරින් බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු බව අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

එහි “අහිත්ථරෙථ කල්‍යාණෙ” (පොදු යහපත පිණිස වහ වහා පෙළ ගැසෙමු) යන තේමාව ප්‍රදර්ශනය කළ යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com