බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි
බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත්කර තිබෙනවා.
ඒ අනුව අනුර කරුණාතිලක මහතා ඊයේ (20) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ ජනාධිපති කාර්යාලයේදී.
බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි වී තිබෙනවා.




