රුපියල් 1,13,85,000 වටිනා, විදෙස් දුම්වැටි එක්ක චීන ජාතිකයින් 6 දෙනෙකු ගුවන්තොටේදී රේගු අත්අඩංගුවට

0
රුපියල් 1,13,85,000 වටිනා, විදෙස් දුම්වැටි එක්ක චීන ජාතිකයින් 6ක් ගුවන්තොටේදී රේගු අත්අඩංගුවට

රුපියල් 1,13,85,000 වටිනා, විදෙස් දුම්වැටි එක්ක චීන ජාතිකයින් 6ක් ගුවන්තොටේදී රේගු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ අසූ පන් දහසක් වටිනා, චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් හය දෙනෙක් (16) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම චීන ජාතිකයන් පිරිස ව්‍යාපාරිකයන් වන බව සඳහන් වේ.

ඔවුන් තායි ගුවන් සේවයේ ටී.ජී. – 307 චීන ගුවන් සේවයේ සී.ඒ. – 425 සහ තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී. – 140 දරන ගුවන් යානා වලින් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ චීනයේ නිෂ්පාදිත දුම්වැටි 75,900ක් සගවා ගෙන පැමිණ ඇත.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com