රටවල් 5කින් වන්දි ගන්න ඉරානයෙන් තීරණයක්
රටවල් පහකින් වන්දි ගන්න ඉරානයෙන් තීරණයක්
ඉරානය ඉලක්ක කරගනිමින් ඇමරිකාව දියත් කළ හමුදා ක්‍රියාන්විතය සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් පහකින් වන්දි ලබා ගැනීමට ඉරානය තිරණය කර තිබේ.
එලෙස චෝදනා එල්ල වී ඇති රටවල් අතර සෞදි අරාබිය,බහරේනය,කටාර් රාජ්‍යය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය(UAE) සහ ජෝර්දානය වනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත අමීර්-සයිඩ් ඉරවානි විසින් ආරක්ෂක මණ්ඩලය වෙත නිල ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.





