E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

0
E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

ශ්‍රී ලාංකිකයන් සඳහා E-8 ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ පළමු කණ්ඩායම ලබන 14වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

E-8 කාණ්ඩයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත් කර හැරීම පසුගිය කාලයේ අර්බුදයකට ලක්වුයේ එළඹ තිබූ ගිවිසුම හේතුවෙන්.

එම ගිවිසුම වෙනුවට නව ගිවිසුමකට එළඹ E-8 ක්‍රමවේදය යටතේ ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාව සඳහා යොමු කිරීමට නව රජය කටයුතු කළා.

එම රජයේ මැදිහත්වීම මත ලබන 14වනදා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසන්නේ.

පළමු කාන්ඩයේදී ශ්‍රමිකයින් 16 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටියි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com