මාර්තු මාස‍යේ විදෙස් ප්‍රේෂණ ඉහළට

0
මාර්තු මාස‍යේ විදෙස් ප්‍රේෂණ ඉහළට

මාර්තු මාස‍යේ විදෙස් ප්‍රේෂණ ඉහළට

2026 වසරේ මාර්තු මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 814.8ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.

2025 වසරේ මාර්තු මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක් ලෙස වාර්තා වී තිබුණි.

ඒ අනුව, 2026 වසරේ මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 121.5කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මේ අතර, 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 2.29ක් බවද මහ බැංකුව සඳහන් කරයි.

එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 26.5ක වැඩිවීමක් බවද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com