2026 පළමු කාර්තුවේ බදු ආදායම රු.බි 606ක්

0
2026 පළමු කාර්තුවේ බදු ආදායම රු.බි 606ක්

2026 පළමු කාර්තුවේ බදු ආදායම රු.බි 606ක්

2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එය 2025 වසරේ පළමු කාර්තුව හා සංසන්දනය කිරීමේදී සියයට 17.7ක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ආදායම සඳහා ආදායම් බද්ද, එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඇතුළුව සියලුම බදු සිය දායකත්වය ලබාදී තිබේ.

2026 වසරේ ඉලක්කගත බදු ආදායමෙන් සියයට 25ක් පළමු කාර්තුව තුළදී රැස්කරගෙන තිබීමත් විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com