1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කෙරේ
1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් විවෘත කරයි
1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලයක් කොළඹ දී අද(04) විවෘත කෙරුණා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම නව කාර්යාලය 1990 ගිලන්රථ සේවාවේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම හා ජනතාවට ඉක්මන් හදිසි වෛද්‍ය සේවා ලබාදීමේ අරමුණින් ස්ථාපිත කර තිබේ .
නව කාර්යාලය මගින් ගිලන්රථ මෙහෙයුම්, සම්බන්ධීකරණ කටයුතු සහ හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාව තවදුරටත් ශක්තිමත් කෙරෙනවා.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේ, තාක්ෂණය සහ නවීන කළමනාකරණ ක්‍රමවේද භාවිත කරමින් සුවසැරිය සේවාව ඉදිරි කාලයේදී තවදුරටත් පුළුල් කිරීමට රජය පියවර ගන්නා බවයි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.




