වී වගාව සඳහා පමණක් යූරියා පොහොර

0
වී වගාව සඳහා පමණක් යූරියා පොහොර

වී වගාව සඳහා පමණක් යූරියා පොහොර

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට තුළ යූරියා පොහොර තොග සීමිත ප්‍රමාණයක් පැවතීම හේතුවෙන් වී වගාව සඳහා පමණක් යූරියා පොහොර ලබාදීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වී වගාවට පමණක් අමිශ්‍ර යූරියා පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

පොහොර නිකුත් කිරීමේදී ගොවීන් වගා කරනු ලබන භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇති බවද දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

පොහොර ගොවීන් වෙත නිකුත් කිරීමේදී කන්න රැස්වීම්වල තීරණ මත හෝ වී වගා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කරන ලද ගොවීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් අදාළ වගා භූමි ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් ගොවීන්ට යූරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති අතර ඒ අනුව පවතින පොහොර තොග කළමනාකරණය කර ගනිමින් 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට කටයුතු කරන ලෙසයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com