2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයක්

0
2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයක්

2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයක්

2026 පෙබරවාරි මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන අමෙරිකානු ඩොලර් මිලියන 1,401.78ක් ලෙස වාර්තා වී තිබෙයි

එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22%ක වාර්ෂික වර්ධනයකි

ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමග, 2026 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,066.88ක අගයක් පෙන්නුම් කරයි.

සේවා අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 334.9ක අගයක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2025 වසරේ පෙබරවාරි මාසයට වඩා 14.68%ක වැඩිවීමකි.

2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුල මුළු අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 2,896.31ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙයි.

එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 7.56%ක කැපී පෙනෙන වර්ධනයකි.

ඒ අනුව අපනයන ආදායමේ වර්ධනය,භාණ්ඩ අපනයනය ස්ථාවර වීම, සේවා අපනයනය වර්ධනය වීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ශක්තිමත් වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com