යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි

0
යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි

යල කන්නයට පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා පමණයි

2026 වසරේ යල කන්නය සඳහා පොහොර ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට යටතේ පවතින ගොවිජන මධ්‍යස්ථාන මගින් පමණක් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසනවා.

පවතින අර්බුධකාරී තත්ත්වය තුළ ඉදිරියේදී පොහොර මිල ඉහළ යන බවට උපකල්පනය කරමින් ඇතැම් පිරිස් පොහොර රැස් කිරීමට උත්සහ කිරීම මත රජය මෙම තීරණය ගෙන ඇති බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා පැවසුවේ.

දිවයින පුරා ගොවිජන මධ්‍යස්ථාන 566ක් පිහිටා තිබෙන බවක් දැනට ප්‍රධාන වී වගා කරන ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ගේ පොහොර අවශ්‍යතා සඳහා පොහොර නිකුත් කරන බව එතුමා ප්‍රකාශ කළා.

කෘෂිකර්ම දෙපාරතමේන්කුව නිර්දේශිත පොහොර ප්‍රමාණය ගොවීන් වෙත ලබා ගත හැකි බවයි කොමසාරිස්වරයා පැවසුවේ.

ගොවිජන දෙපාර්තමේන්තුව සතුව සියල්‍රම ගොවීන්ගේ තොරතුරු හා වගා කරන භූමි ප්‍රමාණය පවතින බවත් ඒ අනුව ඉඩම් ප්‍රමාණයට සරිලන ලෙස පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් ලබා ගත හැකි බවට එතුමා සඳහන් කළා.

යල කන්නයට අවශ්‍ය වන පොහොර ප්‍රමාණය පිළිබඳ ගැටලුවක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව ජාතික පොහොර ලේකම් කාරයාලය සහතික කර ඇති බැවින් පොහොර පිළිබඳ අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතු බව එතුමා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය අවශ්‍ය පරිදි ලබා ගන්නා ලෙසද කොමසාරිස්වරයා ගොවිමහතුන්ගෙන් ඉල්ලීමක් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com