කෝටි 11/2කට අධික කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක්
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා “කේරළ ගංජා” තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී, එහි රියැදුරුවරයා (21)දහවල් මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට ගෙන ආ මෙම ”කේරළ ගංජා” තොගය, කුඩා ලොරි රථයක් මගින් කුරුණෑගල ප්‍රදේශය බලා ප්‍රවාහනය කරමින් සිටියදී, ලද බුද්ධි තොරතුරක් මත, මීගමුව මහහුනුපිටිය ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට ගෙන ඇත.
සුරාබදු නිලධාරීන් සඳහන් කළ, කිලෝ ග්‍රෑම් 85ක් බරැති මෙම ” කේරළ ගංජා ” තොගය, පැකැට් 40ක් තුළ අසුරා, ඒවා තවත් ගෝනි 02ක් තුළද අසුරා තිබියදී සිය භාරයට ගත් බවය.
මෙම ලොරි රථය තුළ රියැදුරුවරයා පමණක් සිටි අතර, ඔහු 30 හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග රියැදුරුවරයා (21)දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




