ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීමට අනුමැතිය

0
ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීමට අනුමැතිය

ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීමට අනුමැතිය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිත සමරු රන් කාසියක් නිකුත් කිරීම සඳහා එරට ෆෙඩරල් කලා කොමිසම (Federal Arts Commission) අනුමැතිය ලබා දී ඇත.

ලබන ජූලි 4වන දිනට යෙදෙන අමෙරිකාවේ 250වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා මෙම කැරට් 24 රන් කාසිය නිර්මාණය කර තිබේ.

එහි දැක්වෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය දෑත් මිට මොලවා මේසයක් මත තබාගෙන සිටින ආකාරය වේ.

ජීවත්ව සිටින ජනාධිපතිවරයෙකුගේ රුව අමෙරිකානු මුදල් ඒකකවල භාවිත කිරීම ෆෙඩරල් නීතියට අනුව තහනම් වුවද, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් සතු විශේෂ බලතල යටතේ මෙම රන් කාසිය මුද්‍රණය කිරීමට තීරණය කර ඇත.

කලා කොමිසමේ උප සභාපති ජේම්ස් මැක්‍රේරි ප්‍රකාශ කළේ මෙම කාසිය හැකි උපරිම ප්‍රමාණයෙන් එනම් අඟල් තුනක විෂ්කම්භයක් සහිතව නිපදවන ලෙස තමන් යෝජනා කරන බවය.

නිව්යෝර්ක් හි ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් සභික රිචී ටොරස් විසින් ජනාධිපතිවරුන්ට තමන්ගේම රුව සහිත මුදල් නිකුත් කිරීම වැළැක්වීම සඳහා “Trump Act” නමින් පනතක් ඉදිරිපත් කළද, එය මෙතෙක් සම්මත වී නොමැත.

මින් පෙර සිය ජීවිත කාලය තුළදී ඇමෙරිකානු කාසියක රුව සටහන් වූ එකම ජනාධිපතිවරයා වන්නේ කැල්වින් කූලිජ් (Calvin Coolidge) පමණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com