අසෝක රන්වලට වරෙන්තු

අසෝක රන්වලට වරෙන්තු

හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, මෙම සිද්ධිය ඉකුත් 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙදින සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය විසින් සැකකාර අසෝක සපුමල් රන්වලට එරෙහිව චෝදනා පත්‍රයක්ද අධිකරණයේ ගොනු කරනු ලැබුවා.

මේ අනුව අසෝක සපුමල් රන්වලට එරෙහිව රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම, බරපතල තුවාල සිදු කිරීම, සුලු තුවාල සිදු කිරීම හා ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කර බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා ගොනු කර තිබිණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැදවු ජීප්රථය මෝටර් රථයක හා යතුරු පැදියක ගැටීමෙන් මේ රිය අනතුර සිදුවු අතර එහිදී මෝටර් රථයේ ගමන් කළ එකම පවුලේ මව, මාස හතක් පමණ වයසැති දරුවා හා දරුවාගේ මිත්තනිය තුවාල ලැබුවා.

මෙම නඩුවේ වැඩිදුර කැඳවීම ලබන ජුලි මස 10වන දිනට කල් තැබීමට අධිකරණයෙන් නියම කළා.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්නගේ උපදෙස් අනුව රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක ටී.එම්. ජී. තෙන්නකෝන්, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද (478) හා පොලිස් කොස්තාපල් ජයසිංහ (103658) යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙය විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com