පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයට නවීන කැමරා සහිත වෑන් රථ 2ක්

0
පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයට නවීන කැමරා සහිත වෑන් රථ 2ක්

පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයට නවීන කැමරා සහිත වෑන් රථ 2ක්

වෑන් රථ 02ක් නවීන තාක්ෂණික කැමරා පද්ධති යොදා වැඩි දියුණු කිරීමට කටයුතු කර පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසයට පරිත්‍යාග කිරීමේ උස්සවයක් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (27) පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මකය.

පොලිස් සමීප රූප ආවේක්ෂණ කැමරා කොට්ඨාසය 2010.12.29 දින ස්ථාපිත කළ අතර, ඒ වන විට කොට්ඨාසයේ රාජකාරි සඳහා කැමරා සහිත වෑන් රථ 02ක් යොදවා තිබුණි.

එමගින් රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස පවත්වා ගෙන යාම සඳහා ප්‍රීමා ආයතනය මඟින් ඉන් එක් වෑන් රථයක් නවීන තාක්ෂණික කැමරා යොදා සකස් කර පරිත්‍යාග කර තිබේ.

මෙම නවීන තාක්ෂණික කැමරා පද්ධති යොදා වැඩිදියුණු කළ වෑන් රථ දෙක සඳහා රුපියල් 97,94,000/-ක මුදලක් වැය වී ඇත.

රථවාහන පාලනය, නිරීක්ෂණ රථවාහන නඩු ලබා ගැනීම, දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ ආරක්ෂක රාජකාරී, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලවල්, ආගමික උත්සව, සංස්කෘතික උත්සව, ජාතික හා ජාත්‍යන්තර වැදගත්කමක් ඇති ක්‍රීඩා උත්සව, රථ වාහන කළමනා කරණයට අදාල දත්ත රැස් කිරීම, උද්ඝෝෂණ, මහජන කැළඹිලි, පෙළපාලි නිරීක්ෂණ රාජකාරී යෙදවීම ආදි කාර්යන් මෙම කැමරා සහිත වෑන් රථ වලින් සිදු කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com