බටහිර ඉවුරේ ඊශ්රායල පදිංචිකරුවන් ඉස්ලාම් දේවස්ථානයකට ගිනි තබති
බටහිර ඉවුරේ ඊශ්රායල පදිංචිකරුවෝ ඉස්ලාම් දේවස්ථානයකට ගිනි තබති
ගාසා තීරයේ බටහිර ඉවුරේ පදිංචි ඊශ්රායල ජාතිකයන් මුස්ලිම් දේවස්ථානයක් ගිනි තබා විනාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
රමලාන් උපවාස සමයේ පලස්තීනුවන් වැඩි වශයෙන් සිය දේවමෙහෙය සඳහා සහභාගි වන එම දේවස්ථානය බටහිර ඉවුරේ උතුරු ප්රදේශයේ පිහිටා ඇති අතර, අලුයම දේව මෙහෙය සඳහා මුස්ලිම් බැතිමතුන් පැමිණෙන විට දේවස්ථානය විනාශ වී තිබූ බවද වාර්තා වේ. දේවස්ථාන බිත්ති මත මුහම්මද් නබිතුමාට අපහාස වන ආකාරයේ සහ පළිගන්නා බවට හීබෘ බසින් ප්රකාශ සටහන් වී තිබූ බවද වාර්තා වේ.
බටහිර ඉවුරේ පලස්තීනුවන් ඉලක්ක කරමින් ඊශ්රායල පදිංචිකරුවන් දිගින් දිගටම ප්රහාර එල්ල කරන බවත්, 2023 ඔක්තෝබරයේ ඊශ්රායල- හමාස් යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා බටහිර ඉවුරේ සිදුවූ ප්රහාරවලින් පලස්තීනුවන් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් අනාවරණය වූ බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.






