අමෙරිකානු හමුදාව ඉන්දීය සාගරයේදී 3වැනි තෙල් නැවත් අල්ලයි
අමෙරිකානු හමුදාව ඉන්දීය සාගරයේදී 3වැනි තෙල් නැවත් අල්ලයි
සම්බාධකවලට ලක්වී ඇති වෙනිසියුලාවේ සිට කැරීබියන් මුහුද ඔස්සේ යාත්‍රා කළ ඉන්ධන නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව විසින් ඉන්දීය සාගරයේදී අත්අඩංගුවට ගත් බව පෙන්ටගනය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කැරිබියන් මුහුදේ සිට හඹා ගොස් එම නෞකාව අත්අඩංගුවට ගත් බවය. පසුගිය මාසයේදී ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු වෙනිසියුලාවෙන් පිට වන සහ ළඟා වන සියලුම තෙල් නෞකා අත්අඩංගුවට ගැනීමට අමෙරිකාව පියවර ගෙන ඇති අතර, ඉන්දීය සාගරයේදී අත්අඩංගුවට ගත් තුන්වැනි ඉන්ධන නෞකාව මෙය බවද වාර්තා වේ.
පසුගිය ජනවාරියේ මුල් භාගයේදී වෙනිසියුලාවේ සිට ගමන් ආරම්භ කර ඇති බව කියන එම නෞකාව තුළ බොරතෙල් බැරල් මිලියන 1.9ක් තිබූ බවද වාර්තා වේ. පෙන්ටගනය සඳහන් කර ඇත්තේ බර්තා නමැති එම ඉන්ධන නෞකාව චීනය බලා යාත්‍රා කරමින් තිබූ බවය.






