නීති විරෝධීව උපයා ගත් කෝටි ගාණක දේපලක් ක්‍රියා විරහිත කෙරේ

0
නීති විරෝධීව උපයා ගත් කෝටි ගාණක දේපලක් ක්‍රියා විරහිත කෙරේ

නීති විරෝධීව උපයා ගත් කෝටි ගාණක දේපලක් ක්‍රියා විරහිත කෙරේ

නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් දේපොළ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා මංකොල්ලකෑම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ දේපොළ මෙලෙස ක්‍රියා විරහිත කර තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් කාන්තාවකගේ නමින් මිලදී ගෙන ඇති වලස්මුල්ල, කඩිගමුව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් සහිත පර්චස් 14.1ක ඉඩමක් ඊයේ (19) සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 7ක කාලයක් සඳහා ක්‍රියා විරහිතකිරීමේ නියෝග නිකුත් කර තිබුණා.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com