ගීත වල සම්පූර්ණ අයිතිය අපිට දෙන්න – ගායක ගායිකා සංගමය

0
සිංදුවල සම්පූර්ණ අයිතිය අපිට දෙන්න – ගායක ගායිකා සංගමය

සිංදුවල සම්පූර්ණ අයිතිය අපිට දෙන්න – ගායක ගායිකා සංගමය

ගීතයක නෛතික අයිතිය හා ආර්ථික අයිතිය ගායක ගායිකාවන්ට ලබාදෙන ලෙස සහ අදාළ නීති සංශෝධනය කරදෙන ලෙස රජයට කළ ඉල්ලීම ජනගත කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඊයේ(19) පැවැත්වුණි.

ශ්‍රී ලාංකීය ගායක ගායිකා සංගමය විසින් සංවිධානය කළ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ පිහිටි සපිරි පියස ශ්‍රවණාගාරයේදීයි.

2003 වසරේදී මෙම නීති සංශෝධනය කිරීමේදී ප්‍රසිද්ධ, ප්‍රවිණ, අවම වශයෙන් ගායන ශිල්පීන් තිදෙනෙක් හෝ සහභාගී වී නොමැති බව තමාට දැනගන්නට ලැබී තිබූ බව ප්‍රවීන ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතා පවසනවා.

පද රචකයා සහ තනු රචකයාට පමණක් ආර්ථික සහ නෛතික අයිතිය හිමි වන ආකාරයට මෙම පනත සම්මත කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com