L.P ගෑස් සැපයුම ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක්
L.P ගෑස් සැපයුම ගැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක්
වෙළඳපොළේ පවතින එල්.පී. ගෑස් (LP Gas) සැපයුම සම්බන්ධයෙන් මහජනතාව වෙත විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ, මෙරට ගෑස් අවශ්‍යතාවයේ විශාල කොටසක් සපයන ප්‍රධාන සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් හි සැපයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වන බවයි. වෙළඳපොළ ඉල්ලුමට සරිලන පරිදි ගෑස් තොග අඛණ්ඩව නිකුත් කරමින් පවතින බවද එහි අවධාරණය කර ඇත.
කෙසේ වෙතත්, අනෙකුත් ගෑස් සැපයුම්කරුවන්ගේ පද්ධති තුළ පවතින තාවකාලික සැපයුම් ගැටලු හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල බෙදාහැරීම් කටයුතුවල සුළු ප්‍රමාද වාර්තා වී ඇත.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය භීතියක් ඇති කරගෙන අතිරික්ත ලෙස ගෑස් තොග රැස් කිරීමෙන් වළකින ලෙස මහජනතාවට ඉල්ලා සිටී. පාරිභෝගිකයින් එකවර විශාල වශයෙන් ගෑස් මිලදී ගැනීමට උත්සාහ කිරීමෙන් වෙළඳපොළ තුළ “කෘත්‍රිම හිඟයක්” නිර්මාණය විය හැකි බවද අවධාරණය කර ඇත.
ගෑස් තොග සඟවා තබා ගැනීම, පාරිභෝගිකයින් අපහසුතාවට පත් කරමින් වැඩි මිලට අලෙවි කිරීම වැනි අක්‍රමිකතා සිදුකරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් දැඩි කිරීමට සියලු දිස්ත්‍රික් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
එවැනි අක්‍රමිකතා සිදුකරන වෙළඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.
මෙම තත්ත්වය කෙටි කාලීන වන අතර සමස්ත ගෑස් හිඟයක් ලෙස අර්ථ නිරූපණය නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දෛනික අවශ්‍යතාවයට පමණක් ගෑස් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසද දැනුම් දී ඇත.




