2025දී ජල භීතිකා රෝගයෙන් පුද්ගලයින් 14ක් මරුට

0
2025දී ජල භීතිකා රෝගයෙන් පුද්ගලයින් 14ක් මරුට

2025දී ජල භීතිකා රෝගයෙන් පුද්ගලයින් 14ක් මරුට

2025 වසරේදී ජල භීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසයි.

2030 වර්ෂය වනවිට මෙරට මිනිසුන් ජල භීතිකා රෝගයෙන් මිය නොයන තත්ත්වයකට පත් කිරීමට බලාපොරොත්තු වන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අරමුණු කරන පරිදි ලෝක ප්‍රජාවක් ලෙස මෙම ඉලක්කය පවතින බවද එතුමා පවසයි.

(18) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම ජල භීතිකා රෝගය ක්ෂීරපායි සතුන්ගෙන් වෛයිරසයක් මගින් බෝවන රෝගයක් බව ද සියයට සියයක් එය මාරාන්තික රෝගයක් බවද වෛද්‍යවරයා සඳහන් කරයි.

ලෝකයේ ඉතාම අවම පිරිසක් මෙම රෝගයෙන් ජිවිත ගලවා ගෙන ඇති බවද එතුමා පවසයි.

විශේෂයෙන්ම මෙම රෝගය හේතුවෙන් මරණයට ලක් වී ඇත්තේ තරුණ පිරිස් බවද, කුඩා ළමුන්ද මෙම රෝගය හේතුවෙන් මරණයට පත්ව ඇති බවද, මෙම රෝගය සඳහා නිසි වෙලාවට නිසි ක්‍රියාමාර්ග ගතහොත් මෙය මුළුමනින්ම වළක්වා ගැනීමට හැකි බවද එතුමා වැඩිදුර සඳහන් කරයි.

“ගිය අවුරුද්දේ මානව මරණ ඇති වෙලා තියෙන්නේ 14යි. මේක තමයි ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ අඩුවෙන්ම මානව මරණ ඇති වෙලා තියෙන්නේ. නමුත් මේක අපි බිංදුව දක්වා අඩු කරගන්න ඕනි. ඉදිරි අවුරුදු 3 තුළදී. මෙම මරණ වැඩි වශයෙන් වාර්තා වෙලා තියෙන්නේ පුත්තලම, කුරුණැගල හා රත්නපුර වැනි දිස්ත්‍රික්කවල”

සුනඛයන් හා බළලුන් සපා කෑම, සීරීම්, සතුන්ගේ කේටය රැදී තිබීම නිසා මෙන්ම සමමත ඇති තුවාල සතුන් ලෙව කෑම හේතුවෙන් මෙම රෝගය හට ගන්නා බවද සතෙක් සපා කෑමෙන් පසු ගලා යන ජලයෙන් මිනිත්තු 15ක් සේදීම සහ සර්ජිකල් යොදා සේදීම, නිසි පරිදි එන්නත් ලබා ගැනීම සිදුකළ යුතු බවද එතුමා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com