ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

0
ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

ජනපතිට බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ, එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහල කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එම අවස්ථාවේදී මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා ඇත.

විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතුවෙන් ඔවුන් එලෙස මාරුකර ඇති බව සඳහන්ය.

අඟහරුවාදා දින (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පුදගලික බස් රථයක ආසන පටි නොමැතිවීමෙන් අධිවේගී මාර්ගයට ඇතුල්කිරීමට පොලීසිය අවසර ලබානොදීම නිසා උණුසුම් තත්වයක් ඇතිව ඇත.

එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබේ.

ඒ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් බස් රථයේ පැමිණි පිරිස පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර, එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com