බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ 817ක්

0
බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ 817ක්

බන්ධනාගාරවල මරණ දණ්ඩනය හිමි වූ 817ක්

මරණීය දණ්ඩනය හිමි වූ දෙස් විදෙස් පුද්ගලයින් 817 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය සඳහන් කරයි.

2025 වර්ෂයට අදාළව ප්‍රගති වාර්තාවට අනුව එම වසරේ සැප්තැම්බර් මස 30 වනදා වනවිට මරණීය දණ්ඩනය නියමවූ දේශීය සිරකරුවන් සංඛ්‍යා 811කි.

ඊට පිරිමි පුද්ගලයින් 792ක් සහ කාන්තාවන් 19 දෙනෙකුද ඇතුළත්ව සිටිති.

විදේශීය ජාතිකයින් පස් දෙනෙක් සහ ත්‍රස්ත වරදකට මරණීය දණ්ඩනය නියමවූ එක් අයෙක්ද බන්ධනාගාර ගතව සිටින බව එම වාර්තාවේ දැක්වෙයි.

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වූ පුද්ගලයින් 311 දෙනෙකු බන්ධනාගාර ගත කර සිටින අතර ඉන් පුද්ගලයින් 70 දෙනෙකු විදේශීය ජාතිකයින් වේ.

ත්‍රස්ත වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව අදාළ ප්‍රගති වාර්තාවේ සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com