ඇමති නලින්දගෙන් විමල්ට සහ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එන්තරවාසියක්

0
ඇමති නලින්දගෙන් විමල්ට සහ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එන්තරවාසියක්

ඇමති නලින්දගෙන් විමල්ට සහ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එන්තරවාසියක්

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සහ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එන්තරවාසි යවා තිබේ.

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රකාශයක් විද්‍යුත්, මුද්‍රිත සහ අන්තර්ජාල භාවිත කරමින් ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙනුයි මෙම එන්තරවාසි යොමුකර ඇත්තේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අසාදු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේ දී මිලියනයක පමණ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට ජනතාවට හැගෙන සහ ඒත්තු යන ආකාරයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් සිදුකර ඇති බව නලින්ද ජයතිස්ස මහතා පවසයි.

2026 වසරේ පෙබරවාරි 6 වනදා හෝ ඒ ආසන්න දිනක විමල් වීරවංශ මහතා විසින් විද්‍යුත්, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍යයන් කැදවා පැවැත්වු ප්‍රසිද්ධ රැස්වීමක දී මෙම ප්‍රකාශය සිදුකර ඇති බවටයි නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ.

එමෙන්ම එක්තරා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් 2026 පෙබරවාරි 7 වනදා පස්වරු 6.50ට විකාශය වු ප්‍රවෘත්ති විකාශයේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස මෙය ප්‍රචාරය කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ප්‍රකාශය හැදින්වීමක් ද සහිතව යළිත් ප්‍රචාරය කිරිමේ දී අදාළ පෞද්ගලික රූපවාහිනි ආයතනය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් එහි සත්‍යයතාව පිළිබඳ කිසිදු විමසීමක් සිදුකර නොමැති අතර එම වැඩසටහන තුළින් අමාත්‍යවරයාට කරුණු දැක්වීමට අවස්ථාවක් ද ලබාදී නොමැති බවටයි වාර්තා වන්නේ.

මෙහි අපහාසාත්ම ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්තිනාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනය බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශට සහ පෞද්ගලික රූපවාහිනි ආයතනයට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නීතිඥවරයා මගින් දැනුම්දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com