ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට

0
ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය යයි

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය යයි

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු ඝාතනයට පත්ව තිබේ.

පලස්තීන රතු අඩසඳ සංගමය පවසන්නේ ඊශ්‍රායල හමුදා විසින් ඊයේ විවෘත කළ රෆා හරස් මාර්ගය හරහා රෝගීන් සහ තුවාලකරුවන් ඉවත් කිරීම ඊයේ(04) දිනයේදී අවලංගු කර ඇති බවයි.

මියගිය 10 දෙනා අතර සිව් හැවිරිදි දැරියකද වනවා.

මේ අතර ඊයේ පස්වරුවේද බටහිර ඉවුරේ වැටලීමක දී ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයෙන් පුද්ගලයින් 71,803 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව 171,575ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com