උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ
උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ
ජාතික හා පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් බඳවා ගැනිමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ගුරු සේවය සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය සදහා වන අයදුම්පත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත හැකියි.
අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ මාර්ගගත ක්‍රමයට පමණයි.
ලබන 20 වනදා පෙරවරු 9 සිට මාර්තු 5 වනදා පෙරවරු 9 දක්වා අයදුම්පත් භාර ගැනීම සිදුකෙරෙන බවයි මේ සම්බන්ධයෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් වන්නේ.
මෙම ගැසට් නිවේදනය මගින් අයදුම්පත් කැඳවනුයේ රජයේ සේවයේ නිරත නොවන උපාධිධාරීන්ගෙනුයි.
2023 ජනවාරි 27 වනදා ගැසට් නිවේදනයක් මගින් අයදුම්පත් කැඳවූ රජයේ සේවයේ නිරත උපාධිධාරීන් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ නැහැ.
එසේම 2026 පෙබරවාරි 2 වනදා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය සඳහා අයදුම්පත් යොමුකර ඇති අයද මෙම නිවේදනයට අනුව අයදුම් කිරීමට සුදුසුකම් නොලබන බවයි අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ.
උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාග ගැසට් කෙරේ






